Notice: Only variables should be passed by reference in /home/xs7d1onnbe6c/domains/rooftopsolar.lk/html/si/includes/header.php on line 3

වගකීම් සහතික සහ රක්ෂණය

වගකීම් සහතිකය

පියැසි මත සූර්යබල ශක්ති උත්පාදන පද්ධති සතු බොහෝ සංරචක ඇති අතර, එක් එක් සංරචකයට අදාළ සාධනීය පරාමිතීන් ඇත. පද්ධතියේ විශ්වසනීයත්වය ඉහළ නැංවීම සඳහා එක් එක් සංරචක සඳහා පහත සඳහන් වගකීම් සහ රක්ෂණයන් ලබා දීම අත්‍යාවශ්‍ය වේ:

සූර්ය පැනල

  • මොඩියුල සඳහා නිෂ්පාදකගේ වගකීම - වසර 10 ක කාලයක් සඳහා නිෂ්පාදන දෝෂ ආවරණය කළ යුතුය.
  • පළමු වසර 10 සඳහා අවම වශයෙන් අපේක්ෂිත කාර්යසාධනයෙන් 90% ක් වූ අවම කාර්යසාධනයක් සහ ඉදිරි වසර 10 සඳහා 80% ක අවම කාර්යසාධනයක් සහතික කළ යුතු වේ
  • වසර 20 ක කාර්යසාධන වගකීමක් - උපරිම පිරිහීම පළමු වසර තුළ 2.5%ක් නොඉක්මවිය යුතු අතර ඉන් පසු වසරකට 0.5% -0.7%ක් නොඉක්මවන උපරිම පිරිහීමක් සහතික කළ යුතු වේ

ඉන්වර්ටර් (අපවර්තකය) :

  • ඉන්වර්ටර් වගකීම් සහතිකය මගින් අවම වශයෙන් වසර 10ක නිෂ්පාදකගේ වගකීමක් සලසා දිය යුතු වේ. ඉන්වර්ටරයක සංරචක තුළ හට ගත හැකි දෝෂ සහ ඒවාට සිදුවිය හැකි හානි මෙම වගකීම මගින් ආවරණය කළ යුතුය.

සවි කිරීම සහ විදුලි රැහැන් ඇදීම :


  • සිදු කළ සවි කිරීම් සහ විදුලි රැහැන් ඇදීම් සඳහා සේවා සැපයුම්කරු වසර 5ක වගකීම් සහතිකයක් ලබා දිය යුතු වේ.

සේවා සැපයුම්කරු විසින්, PV පැනලයන්, ඉන්වර්ටර් සහ DC කේබල් සඳහා බලයලත් පරීක්ෂණාගාරවලින් නිකුත් කරන ලද පරීක්ෂණ සහතිකයන් ඉදිරිපත් කර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙතින් අනුකූලතා සහතිකයන් ලබා ගත යුතු වේ.

රක්ෂණය

සේවා සැපයුම්කරු, පිළිගත් රක්ෂණ සමාගමක් හරහා පහත සඳහන් රක්ෂණාවරණයන් සැපයිය යුතුය.


  • PV පද්ධතියේ සංරචක සඳහා පරිපූර්ණ පොදු වගකිමක්
  • ඉදිකිරීමේදී හෝ නඩත්තු කිරීමේදී කාර්ය මණ්ඩලයට සිදුවිය හැකි අනතුරු සඳහා කම්කරු වන්දි රක්ෂණය.
Top