Notice: Only variables should be passed by reference in /home/xs7d1onnbe6c/domains/rooftopsolar.lk/html/si/includes/header.php on line 3

සුදුසුකම්

වහල් මත සවිකිරීම් (උප ව්‍යාපෘති) සඳහා ණය පහසුකම් ලබාගැනීමට සුදුසුකම්

පහත සඳහන් උප ව්‍යාපෘති මෙම ව්‍යාපෘතිය යටතේ සුදුසුකම් ලබා ඇත.

  • නිවාස: දැනට පවතින ස්ථීර නිවාස ගොඩනැගිල්ලක් මත සවිකරන සූර්ය (PV) බල ශක්ති පද්ධතියක්
  • වාණිජමය ගොඩනැගිලි: දැනට පවතින ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මත සවිකරන සූර්ය (PV) බල ශක්ති පද්ධතියක්

ව්‍යාපෘතිය යටතේ සවි කල හැකි උපරිම ධාරිතාවයන් පහත පරිදි වේ.

  • වහලය මත ස්ථාපිත උපරිම සූර්යබල ශක්ති උත්පාදන ධාරිතාව 50 kW නොඉක්මවිය යුතුය
  • තනි පාරිභෝගිකයෙකුට 50 kW ක උපරිම සමුච්චිත ධාරිතාවකට යටත්ව උප ව්‍යාපෘති කිහිපයක් සඳහා අයැදුම් කළ හැකිය. මෙයින් අදහස් වන්නේ එක් පාරිභෝගිකයෙක් හට උප ව්‍යාපෘතින් කිහිපයක් සඳහා ණය මුදල් ලබා ගත හැකි වනුයේ සවිකර ඇති සියලු උප ව්‍යාපෘතින් හි සමුච්චිත ධාරිතාව 50 kW නොඉක්මවන තෙක් පමණක් බවය.

උප ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් ලබාගත හැකි අකාරය පහත දැක්වේ.

  • නිවාස වහලයන්හි සවිකිරීම් සඳහා උප ව්‍යාපෘති පිරිවැයෙන් 100% ක් දක්වා ( රුපියල් මිලියන 1.5ක උපරිමයක් දක්වා)
  • නිවාස වහලයන්හි සවිකිරීම් සඳහා වූ උප ව්‍යාපෘති පිරිවැය රු මිලියන 1.5 ඉක්මවන විට සහ සියලු වාණිජමය උප ව්‍යාපෘති සඳහා, වැය වන සම්පුර්ණ පිරිවැයෙන් 80% ක උපරිමයක් දක්වා

උප ණය මුදල් ආපසු ගෙවීම සඳහා අදාළ වන කාල රාමු පහත දැක්වේ

  • උපරිම ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10
  • නිවාස සහ වාණිජමය උප ව්‍යාපෘති සඳහා ආපසු ගෙවීමේ කාලය තුළ ලබා දෙන උපරිම සහන කාලය මාස 6ක් වනු ඇත.

සූර්යබල පද්ධතිය සවි කිරීම සඳහා භාවිතා කිරීමට යෝජනා කරන ලද ස්ථිර වාසස්ථාන / වාණිජ ගොඩනැගිල්ලේ හිමිකරු, ණය අයැදුම්කරු (ප්‍රතිලාභියා) විය යුතුය.

Top