PV සේවා සපයන්නෙකුගේ උපදෙස් මත පාරිභෝගිකයා (ණය අයැදුම්කරු) තාක්ෂණික හා මූල්‍ය යෝජනාවක් පිළියෙල කරයි.
යාවත්කාලීන ලියාපදිංචි වූ සේවා සැපයුම්කරුවන්ගේ ලැයිස්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැක..
පාරිභෝගිකයා විසින් විදුලි බල මණ්ඩලයට / ලෙකෝ ආයතනය වෙත තාක්ෂණික යෝජනාව ඉදිරිපත් කිරීමෙන් විදුලි සම්බන්ධතා අනුමැතිය සඳහා අයැදුම් කරයි.
ඉල්ලීම් ලිපියේ ආකෘතිය
ජාල අවශෝෂණ ධාරිතාව සහ ඔවුන්ගේ තාක්ෂණික මාර්ගෝපදේශ වලට අනුකූලව CEB / LECO ආයතනය විදුලි සම්බන්ධතා අනුමැතිය ලබා දෙයි.
පාරිභෝගිකයා විසින් ණය මුදල සඳහා අයදුම්පත්‍රය, CEB / LECO මගින් සම්බන්ධතාවය සඳහා ලබා දුන් අවසරය සහ තාක්ෂණික / මූල්‍ය යෝජනාව සමග, තමා කැමති බැංකුවක් වෙත ලබා දිය යුතු වේ.
ව්‍යාපෘති ණය කොන්දේසි, තාක්ෂණික පිරිවිතර සහ වෙනත් සුදුසුකම් නිර්ණායක සපුරාලන ණය අයදුම්පත සඳහා, ණය ඇගයීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමෙන් පසු බැංකුව විසින් අනුමැතිය ලබා දෙනු ඇත.
පාරිභෝගිකයා/බැංකුව, විසින් මුළු ව්‍යාපෘති වියදමින්, එකඟ වූ මුදල් කොටස PV සේවා සපයන්නා වෙත ගෙවිය යුතුය.
තාක්ෂණික යෝජනාවෙහි පිරිවිතරයන්ට අනුව සහ මෙම ව්‍යාපෘතිය මගින් සපයන ලද මාර්ගෝපදේශ හා පිරිවිතරයන්ට අනුකූලව සේවා සැපයුම්කරු පද්ධතිය සවි කළ යුතුය.
CEB හා LECO සමඟ ලියාපදිංචි වරලත් ඉංජිනේරුවකු විසින් සූර්ය PV පද්ධතිය, ව්‍යාපෘති සහ උපයෝගීතා මාර්ගෝපදේශකයන්ට අනුකූල වන පරිදි සවි කරන ලද බව පරික්ෂා කර, එසේ නම්, අනුකූලතා සහතිකයක් නිකුත් කරයි.
පාරිභෝගිකයා අනුකූලතා සහතිකය ඉදිරිපත් කිරීමෙන් CEB / LECO වෙතින් පද්ධති සම්බන්ධතාවය සඳහා ඉල්ලුම් කළ යුතු වේ
විදුලිබල සබඳතා ගිවිසුම CEB / LECO අත්සන් කර විදුලිබල පද්ධතියට සම්බන්ධතාවය සකසනු ඇත.
අනුකූලතා සහතිකය සහ ජාල සම්බන්ධතා ගිවිසුම ගනුදෙනුකරු විසින් බැංකුව වෙත ඉදිරිපත් කර ඉතිරි මුදල මුදාහැරීම සඳහා බැංකුවෙන් ඉල්ලුම් කරයි.
බැංකුව අනුකූලතා සහතිකය සහ ජාල සම්බන්ධතා ගිවිසුම පරීක්ෂා කර සියල්ල සම්පුර්ණ නම්, ඉතිරි ණය මුදල පාරිභෝගිකයා වෙත හෝ සේවා සපයන්නා වෙත ඍජුවම ලබා දෙනු ඇත.
PV සේවා සපයන්නෙකුගේ උපදෙස් මත පාරිභෝගිකයා (ණය අයැදුම්කරු) තාක්ෂණික හා මූල්‍ය යෝජනාවක් පිළියෙල කරයි.
යාවත්කාලීන ලියාපදිංචි වූ service providersසේවා සැපයුම්කරුවන්ගේ ලැයිස්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැක..
පාරිභෝගිකයා විසින් විදුලි බල මණ්ඩලයට / ලෙකෝ ආයතනය වෙත තාක්ෂණික යෝජනාව ඉදිරිපත් කිරීමෙන් විදුලි සම්බන්ධතා අනුමැතිය සඳහා අයැදුම් කරයි.
ඉල්ලීම් ලිපියේ ආකෘතිය
ජාල අවශෝෂණ ධාරිතාව සහ ඔවුන්ගේ තාක්ෂණික මාර්ගෝපදේශ වලට අනුකූලව CEB / LECO ආයතනය විදුලි සම්බන්ධතා අනුමැතිය ලබා දෙයි.
පාරිභෝගිකයා විසින් ණය මුදල සඳහා අයදුම්පත්‍රය, CEB / LECO මගින් සම්බන්ධතාවය සඳහා ලබා දුන් අවසරය සහ තාක්ෂණික / මූල්‍ය යෝජනාව සමග, තමා කැමති බැංකුවක් වෙත ලබා දිය යුතු වේ.
ව්‍යාපෘති ණය කොන්දේසි, තාක්ෂණික පිරිවිතර සහ වෙනත් සුදුසුකම් නිර්ණායක සපුරාලන ණය අයදුම්පත සඳහා, ණය ඇගයීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමෙන් පසු බැංකුව විසින් අනුමැතිය ලබා දෙනු ඇත.
පාරිභෝගිකයා/බැංකුව, විසින් මුළු ව්‍යාපෘති වියදමින්, එකඟ වූ මුදල් කොටස PV සේවා සපයන්නා වෙත ගෙවිය යුතුය.
තාක්ෂණික යෝජනාවෙහි පිරිවිතරයන්ට අනුව සහ මෙම ව්‍යාපෘතිය මගින් සපයන ලද මාර්ගෝපදේශ හා පිරිවිතරයන්ට අනුකූලව සේවා සැපයුම්කරු පද්ධතිය සවි කළ යුතුය.
CEB හා LECO සමඟ ලියාපදිංචි වරලත් ඉංජිනේරුවකු විසින් සූර්ය PV පද්ධතිය, ව්‍යාපෘති සහ උපයෝගීතා මාර්ගෝපදේශකයන්ට අනුකූල වන පරිදි සවි කරන ලද බව පරික්ෂා කර, එසේ නම්, අනුකූලතා සහතිකයක් නිකුත් කරයි.
පාරිභෝගිකයා අනුකූලතා සහතිකය ඉදිරිපත් කිරීමෙන් CEB / LECO වෙතින් පද්ධති සම්බන්ධතාවය සඳහා ඉල්ලුම් කළ යුතු වේ.
විදුලිබල සබඳතා ගිවිසුම CEB / LECO අත්සන් කර විදුලිබල පද්ධතියට සම්බන්ධතාවය සකසනු ඇත.
අනුකූලතා සහතිකය සහ ජාල සම්බන්ධතා ගිවිසුම ගනුදෙනුකරු විසින් බැංකුව වෙත ඉදිරිපත් කර ඉතිරි මුදල මුදාහැරීම සඳහා බැංකුවෙන් ඉල්ලුම් කරයි.
බැංකුව අනුකූලතා සහතිකය සහ ජාල සම්බන්ධතා ගිවිසුම පරීක්ෂා කර සියල්ල සම්පුර්ණ නම්, ඉතිරි ණය මුදල පාරිභෝගිකයා වෙත හෝ සේවා සපයන්නා වෙත ඍජුවම ලබා දෙනු ඇත.
© Rooftop Solar Power Generation Project | By 230 Interactive