Notice: Only variables should be passed by reference in /home/xs7d1onnbe6c/domains/rooftopsolar.lk/html/si/includes/header.php on line 3

සේවා සැපයුම්කරුවන්

සේවා සැපයුම්කරුවකු වීමට අයැදුම් කිරීම සඳහා සේවා සැපයුම්කරුවන් හට සමීක්ෂණ, සැලසුම් කිරීම, උපකරණ / ද්‍රව්‍ය සැපයීම, සවි කිරීම හා සවිකිරීමෙන් පසු සේවා සැපයීම ඇතුළු සියලු සේවාවන් සැපයීමේ හැකියාව පැවතිය යුතු අතර ඔවුන් පියැසි මත සූර්යබල ශක්තිය උත්පාදන පද්ධති සවි කිරීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී සිටීමද අනිවාර්ය වේ. ලියාපදිංචි වූ සේවා සැපයුම්කරුවන්ගේ යාවත්කාලීන ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෙබ් අඩවිය වෙත කරුණාවෙන් පිවිසෙන්න..

යෝජිත ප්‍රධාන ප්‍රතිසම්පාදන කටයතු සඳහා සහභාගී වීමේ හැකියාවන් නිර්ණය කිරීම සඳහා ව්‍යාපෘතියට අදාළ අතිරේක තොරතුරු අවශ්‍ය වන අවස්ථාවක, තමන් සපයා ඇති තොරතුරු යාවත්කාලීන කිරීමට සහ / හෝ අලුතෙන් තොරතුරු සැපයීමට, ලියාපදිංචි වූ සේවා සැපයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය.

සේවා සැපයුම්කරුවන් වීමට අනිවාර්යයෙන් සම්පුර්ණ කළ යුතු නිර්ණායකයන්;

  1. 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි වී සිටිය යුතුය;
  2. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සූර්යබල ශක්ති සේවා සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිටිය යුතුය.
  3. සේවා සැපයුම්කරු අවම වශයෙන් පහත සඳහන් වගකීම් සහතිකයන් ලබා දිය යුතුය;
    1. සූර්ය PV පැනල - වසර 10 ක් සඳහා (නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය);
    2. ඉන්වර්ටර් - වසර 10 ක් සඳහා (නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය);
    3. සුර්ය PV පද්ධතිය - සේවා සැපයුම්කරුගේ වගකීම: පද්ධතිය සවිකිරීමේ ව්‍යුහය සහ රැහැන් ඇදීම සඳහා වසර 5 ක වගකීම.
    4. අවම කාර්යසාධනය සහතිකය - පළමු වසර තුල උපරිම ක්‍ෂයවීම 2.5% නොඉක්මවීමේ සහ ඉන්පසු වාර්ෂීක උපරිම ක්‍ෂයවීම 0.5% - 0.7% නොඉක්මවීමේ වගකීම් ඇතුලත්ව වසර 20ක කාල පරාසයක් තුල කාර්යසාධක වගකීම
  4. සේවා සැපයුම්කරුවන් විසින් සවි කරන ලද සියලු පද්ධති, PV පැනල සහ ඉන්වර්ටර් සඳහා වගකීම් සහ ප්‍රමිතිය සහතික කරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් නිකුත් කරන ලද වලංගු සහතිකයන් තිබිය යුතුය.
  5. සේවා සැපයුම්කරුවන් විසින්, සවිකිරීම් ක්‍රියාවලිය තුළදී සිදුවිය හැකි උපකරණ හානි සහ හදිසි අනතුරකදී සේවක වන්දි ගෙවීම සඳහා පරිපූර්ණ රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුය
  6. සවි කිරීම් කටයුතු ඇරඹීමට ප්‍රථමව එම පළාත තුළ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පිළිගත් ප්‍රාදේශීය නියෝජිත කාර්යාලයක් හෝ පත් කරන ලද නියෝජිතයෙකු සිටිය යුතු වේ.

තවද, පහත නිර්ණායක සපුරා තිබීම වඩාත් යෝග්‍ය වේ:

  1. සේවා සැපයුම්කරු හට ඇති තාක්ෂණික කණ්ඩායමෙහි;
    1. අවම වශයෙන් වසර 3 ක ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත එක් උපාධිධාරී ඉංජිනේරුවෙකු හෝ - NVQ 6 වන මට්ටමේ විදුලි / යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමාවක් සහිත, සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ එක් වසරක පළපුරුද්දක් ඇතුළුව අවම වසර 5ක කාර්මික පළපුරුද්දක් ඇති; සහ
    2. NVQ 3 මට්ටමේ හෝ ඊට සමාන සුදුසුකම් හා වසර 3 ක කාර්මික පළපුරුද්දක් සහිත අවම වශයෙන් එක් කාර්මික ශිල්පියකු.
  2. සේවා සැපයුම්කරු දැනට දක්වා ඇති ප්‍රගතිය;
    1. පසුගිය මූල්‍ය වසර තුළ ධන ශුද්ධ වටිනාකමක් ; (විගණනය කරන ලද)
    2. පසුගිය වසර 2 තුළ අවම වශයෙන් සුර්යබල ශක්ති උත්පාදන පද්ධති 20 ක් වහල් මත සවි කිරීම; සහ
    3. පසුගිය වසර 2 තුළ අවම වශයෙන් කි.වො. 150 ක සමුච්චිත ධාරිතාවක් ඇති සූර්යබල ශක්ති උත්පාදන පද්ධති පියැසි මත සවි කිරීම
Top